රටවල් 3ක සිට ලංකාවට එන මගීන් දින 14ක් නිරෝධායනය කෙරෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 03. 03. 2020 | 11.46am
රටවල් 3ක සිට ලංකාවට එන මගීන් දින 14ක් නිරෝධායනය කෙරෙයි

දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රටවල සිට එන මගීන් සියලු දෙනා දින 14 ක් නිරෝධායනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ශ්‍රී ලාංකීකයින් හා විදේශිකයින් යන දෙපාර්ශවයටම මෙය අදාළ වන බව ඒ මහතා කීය.

එමෙන්ම මගී නෞකාවලින් මෙරටට පැමිණෙන සංචාරකයින් රටට ඇතුළු කර ගැනීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අද (03) උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

"එයට යම් කාලයක් අවශ්‍යයි.එම ස්ථාන නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට යම් කාලයක් ගත වෙනවා. විදේශිකයින් විශාල පිරිසක් එකවර පැමිණෙන්නේ නම් ඔවුන් සියලු දෙනා අපහසුතාවයට පත් විය හැකියි.

ඒ හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා තානාපති කාර්යාල හා රටවල් දැනුවත් කර ඔවුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

දකුණු කොරියාවෙන් හා ඉතාලියෙන් දින 5ක් තුළ එනම් පෙබරවාරි 25-29 දක්වා දකුණු කොරියාවෙන් 419 ක් හා ඉතාලියෙන් 726 ක් ලංකාවට පැමිණ තියෙනවා.නිරෝධායන කටයුතුවලට ලක් කරන බව කිව්වම ලංකාවට පැමිණෙන සංඛ්‍යාව අඩු වේවි කියා අපේක්ෂා කරනවා.

මෙය පහසු කටයුත්තක් නෙවෙයි. ලංකාවට කොරෝනා තත්ත්වයක් ඇති වුවහොත් එය ජාතික ආපදා තත්ත්වයක් බවට පත් වෙනවා.ඒ නිසා කොතරම් අපහසුතා ආවත් ඒ අපහසුතා මධ්‍යයේ වුනත් මෙම කටයුත්තට මුලපිරනවා.

මේ දක්වා ප්‍රභූ පර්යන්තය ආවේක්ෂණ ක්‍රියාවලියට ලක් කළේ නෑ.නමුත් අද සිට එයත් ආවේක්ෂණ ක්‍රියාවලියට ඇතුළත් කරනවා.

ඊයේ දින වන විට මෙි රටේ විවිධ පළාත්වල විවිධ හෝටල්වල සහ ගෙවල්වල වෙන්න පුළුවන් 1954ක් පසු විපරමට ලක්වෙනවා.ඒ අතර ශ්‍රී ලංකිකයින් 679ක්,චීන ජාතිකයින් 747ක් කොරියාවේ සිට පැමි⁣ණි 380 දෙනෙක් සහ වෙනත් 148 දෙනකු සිටිනවා.පසු විපරමට ලක්වන අයගෙන් වැඩිම පිරිසක් ඉන්නේ කොළඹ මහ නගර සීමාවේ.

නිරෝධායනය හා රෝග වැලැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට ඒ පනත ලැබී තිබෙන බලතල අනුව මගී නැව්වලින් ලංකාවට පැමිණෙන මගීන් බැස්සවීම නවත්වනු ලැබුවා.එම නිවේදනය වරාය සංස්ථාවේ සභාපතිතුමාටත් ආගමන විගමන පාලකතුමාටත් යොමු කළා.අද පැමිණීමට නියමිතව තිබූ නෞකාවක් ඕමාන්වලට ගිහින් තියෙනව.නෞකාවලට එන්න එපා කියල අපි කිව්වේ නෑ.අපි කියන්නේ නෞකා පැමිණෙන්න.ඒ ⁣නැව් සේවා කරගන්න.ඉන්ධන ලබාගන්න.එවැනි දේ කරන්න.නමුත් අපි කියන්නේ මගීන්ට ගොඩබිමට ඒම වළක්වන්න කියලා."

ලාංකික කාන්තාවකට කොරෝනා වැළඳෙයි

ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා අසාදනය වී අති බවට තහවුරු වී තිබේ.

ඇය 46 හැවිරිදි අදාළ කාන්තාවක් වන අතර හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Share