ඇමෙරිකාව සහ තලේබාන් අතර සාම ගිවිසුමක්

Staff Writer | Author . Translate to English or தமிழ் 29. 02. 2020 | 6.40pm
ඇමෙරිකාව සහ තලේබාන් අතර සාම ගිවිසුමක්

ඇමෙරිකාවේ දීර්ඝතම යුද්ධය වන ඇෆ්ගනිස්ථාන යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය සාම ගිවිසුමක් අත්සන් කළේය.

කටාර් අගනුවර මාස ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් පසු එක්සත් ජනපද නිලධාරීන් සහ තලේබාන් නියෝජිතයන් මෙලෙස අවසන් සාම ගිවිසුම අත්සන් කළේය.

පාකිස්තානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, උස්බෙකිස්තානය සහ ටජිකිස්තානය යන රටවල නායකයින් ඉදිරියේ මෙම ගිවිසුම අත්සන් කෙරුණේ දෝහාහි දීය.

අත්සන් කරන ලද මෙම ගිවිසුම අනුව ඇමෙරිකාව සිය හමුදා ක්‍රමයෙන් ඉවත් කර ගත යුතුවේ.

අවසාන සාම ගිවිසුම අත්සන් කිරීමට පෙර සටන් විරාමයක් සඳහා වූ එක්සත් ජනපද ඉල්ලීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය දීර්ග කාලයක් තිස්සේ පොරබදමින් සිටි අතර මීට පෙර සෙනසුරාදා තලේබාන් සංවිධානය සිය සියලුම සටන්කරුවන්ට නියෝග කළේ සටන් නතර කර “ප්‍රහාරවලින් වළකින" ලෙසයි.

අල්ජසීරා ඇසුරෙන්

Share