ඉරාන උප ජනපතිවරියකට කොරෝනා වැළඳෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 28. 02. 2020 | 1.44am
ඉරාන උප ජනපතිවරියකට කොරෝනා වැළඳෙයි

කාන්තා හා පවුල් කටයුතු පිළිබඳ ඉරානයේ උප ජනාධිපතිවරිය වන මසූමේ එබ්ටෙකාර් (Massoumeh Ebtekar ) මහත්මියට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබේ.

වෛරසය වැළදුණු ඉහළ නිලධාරී මට්ටමේ හයවැන්නා ඇය බව ද වාර්තා වෙයි.

ඉරානයේ උප ජනපතිවරුන් 12 දෙනකු සිටින අතර මැය කාන්තා හා පවුල් කටයුතු පිළිබඳ පත් කර සිටින උප ජනපතිවරියයි.

එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හරිර්චි මහතාට ද වෛරසය ආසාදනය වී ඇති බවත් නිරෝධායනයකට ලක්ව ඇති බවත් එරට සෞඛ්‍ය බලධාරීන් අඟහරුවාදා නිවේදනය ක⁣ළේය.

Aljazeera ඇසුරෙන්

Cover Photo:Atta Kenare/AFP


Share