කැළණි සරසවියේ කැමරා ගැලවූ සිද්ධියේ 12කට පොලිස් ඇප

Staff Writer | Author . Translate to English or தமிழ் 27. 02. 2020 | 4.52pm
කැළණි සරසවියේ කැමරා ගැලවූ සිද්ධියේ 12කට පොලිස් ඇප

Update-8.30 PM

කැළණිය විශ්ව විද්‍යාලයේ සීසීටීවී කැමරා ගැලවී⁣ම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි සිසුන් 12 දෙනකු කිරිබත්ගොඩ පොලිසිය විසින් පොලිස් ඇප මත නිදහස් කර තිබේ.

කැළණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමියන් ඇතුළු සිව් දෙනකු හෙට(28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසි⁣ය කියයි.

----------------------------------------------------------------

කැළණිය විශ්ව විද්‍යාලයේ සීසීටීවී කැමරා ගැලවී⁣ම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේ සිසුන් 16 දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් පිරිස අතර කැළණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමියන්ද සිටී. 

එම විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුන් පිරිසක් විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සවි කර තිබූ සී.සී.ටී.වී කැමරා මෙලෙස ගලවා දමා තිබිණි.

එම කැමරා ගලවන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය විය.

එම සිසුන් තමන් ගැලවූ සීසීටීවී කැමරා යළි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ එක් ස්ථානයකට ගෙනැවිත් දමන අයුරුද එම වීඩියෝවේ දැක්විණි.

Share