'ගුරු උද්ඝෝෂණයට ජල ප්‍රහාරයක්' ඡායාරූපය 2017 වසරේ එකක්

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 26. 02. 2020 | 10.21pm
'ගුරු උද්ඝෝෂණයට ජල ප්‍රහාරයක්' ඡායාරූපය 2017 වසරේ එකක්

"රට රකින විරුවාට දුන් තැපැල් ඡන්දය වෙනුවෙන් දැයේ ගුරු පරපුර වෙත සිසිල් පැන් සංගහ්‍රයක්" ලෙසට සඳහන් කරමින් සහ අද(26) පැවති ගුරු උද්ඝෝෂණයේදී කඳුළු ගෑස් එල්ල කළ බවට අර්ථ ගන්වමින් සමාජ මාධ්‍ය ජාල හරහා පැතිරෙන මෙම ඡායාරූපය පැරණි ඡායාරූපයකි.


එම ඡායාරූපයම පහත පරිදි සකස් කර මහජනතාව නොමග යන අයුරින් අද දිනය තුළ ප්‍රචාරය කර තිබිණි.


එම ඡායාරූපයේ පෙන්නුම් කරන්නේ උද්ඝෝෂණයකට එල්ල කරන ලද ජල ප්‍රහාරයක සේයාරූවකි.එය අද (26) පැවති ගුරු සංගම් උද්ඝෝෂණයේදී එල්ල වූ ජල ප්‍රහාරයක් ලෙසට හුවා දක්වමින් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරයක් සිදු වෙයි.

නමුත් එම ඡායාරූපය 2017 ජනවාරි 19 වැනිදා www.hirunews.lk වෙබ් අඩවියේ පළ වූ ඡායාරූපයකි.


මෙය මාලඹේ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය කොල්ලුපිටියේදී සංවිධානය කළ උද්ඝෝෂණයක දී විරෝධතාකරුවන් අරලිය ගහ මන්දිරය දෙසට යාමට උත්සාහ කිරීමත් සමග පොලිසි⁣ය එල්ල කළ ජල ප්‍රහාරයක ඡායාරූපයකි.

එම ඡායාරූපය සඳහන් හිරු පුවත් වෙබ් අඩවියේ 2017.01.19 වැනිදා පළ වූ පුවත පහතින්..

http://www.hirunews.lk/152436/water-cannon-tear-gas-fired-on-iusf-protest-at-colpetty

එම ඡායාරූපය ව්‍යාජව සකස් කර සමාජ මාධ්‍ය ජාලවල පැතිරවූ පළ කිරීම්වල Links පහත දැක්වෙයි.(Click)

https://m.facebook.com/story2394209&64408

https://www.facebook.com/604839901344/


Cover Photo:www.hirunews.lk

Share