ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාටත් කොරෝනා වැළඳෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 25. 02. 2020 | 6.57pm
ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාටත් කොරෝනා වැළඳෙයි

කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ඉරානයේ දැඩි ප්‍රයත්නයක යෙදී සිටින ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඉරාජ් හරිර්චි මහතාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

එරට රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන IRNA සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කියා සිටියේ සඳුදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට පෙර හරිර්චි මහතා යම් යම් ශරීර දුර්වලතා සහ රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවත් පසුව කළ පරීක්ෂණ වලදී වෛරසය සඳහා ධනාත්මක බව තහවුරු වූ බවත්ය.  

ඔහුට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න පැහැදිලි නැති නමුත් සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ ඔහු කොරෝනා වෛරසය ඇති බවට සැක කරන සමහර රෝගීන් සමඟ කටයුතු කර ඇති බවයි.

සඳුදා පැවති එම මාධ්‍ය සාකච්ඡාවේදී හරිර්චි මහතා නැවත නැවතත් දහඩිය පිසදමන ආකාරයක් දක්නට ලැබුණු අතර අපහසුතාවයෙන් සිටින ආකාරය දක්නට ලැබිණි.

ඔහු තම නිවසේ සිට රෝගය ගැන පැහැදිලි කරමින් සහ ස්වයං නිරෝධායනය වී ඇති ආකාරය විස්තර කරමින් වීඩියෝවක් පළ කළේය.

Cover Photo:Iran Press/AFP via Getti Images
Share