සයින්දමරුදු නගර සභාවක් ලෙස නම් කළ ගැසට්ටුව අත්හිටුවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 20. 02. 2020 | 10.20am
සයින්දමරුදු නගර සභාවක් ලෙස නම් කළ ගැසට්ටුව අත්හිටුවයි

සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් වත්මන් රජයම දින කිහිපයකට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කරන බව ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය හමුවේදීය.

මුළු රටේම මේ හා සමාන තත්ත්වයන් නැවත සළකා බැලීමෙන් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වූ බව ද ඒ මහතා කීය.

Share