කොරෝනා ⁣වෛරසයෙන් චීන රෝහල් ප්‍රධානියා මිය යයි

Staff Writer | Author . Translate to English or தமிழ் 18. 02. 2020 | 2.14pm
කොරෝනා ⁣වෛරසයෙන් චීන රෝහල් ප්‍රධානියා මිය යයි

කොරෝනා වයිරසය ලොව පුරා 73 000කට අධික පිරිසකට ආසාදනය වී ඇති අතර මියගිය සංඛ්‍යාව 1,873 ක් දක්වා වැඩි වී තිබේ.

චීනයේ ප්‍රධාන භූමියෙන් පිටත පුද්ගලයින් පස් දෙනෙකු ද මියගොස් ති⁣බේ.

චීන රජය විසින් තවත් නව ආසාදන 1,886 ක් වාර්තා කර ඇති අතර චීන⁣යේ මේ වන විට අවම වශයෙන් 72,436 කට ආසාදනය වී ඇතිිිබව අල්ජසීරා පුවත් සේවය පවසයි .

වුහාන් හි කොරෝනා වෛරසයට ප්‍රතිකාර කළ ප්‍රධාන රෝහලක් වන වුචැං රෝහලේ ප්‍රධානී ලියු ෂිමිං මහතා අද (18) උදෑසන එම වෛරසය හේතුවෙන් මිය ගියේය.  

ජපානයේ නිරෝධායනය කරන ලද Diamomd Princess නෞකාවේ තවත් ආසාදිතයින් 99 ක් තහවුරු වී තිබේ.එහි පරීක්ෂා කළ ⁣රෝගීන් 681 ක් අතුරින් වෛරසය වැළදී ඇති බව තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 542 දක්වා ඉහළ ගොස් ඇතැයි අල්ජසීරා පුවත් සේවය පවසයි.

එක්සත් ජනපදය ඇමරිකානුවන් 300 කට වැඩි පිරිසක් නෞකාවෙන් ඉවත් කර ඇති අතර කැනඩාව, ඉතාලිය සහ හොංකොං යන රටවල් ඔවුන්ගේ පුරවැසියන් ගෙන්වා ගැනීමට ගුවන් යානා යැවීමට තීරණය කර ඇත.

මේ අතර අනිවාර්ය නිරෝධායන අවශ්‍යතා උල්ලංගණය කළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරන බව හොංකොං සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

සෞඛ්‍ය අධිකාරියට අනුව හුබෙයි හි රෝගීන් 41,957 ක් රෝහල් ගත කර ඇති අතර, 1,853 දෙනෙකුගේ තත්ත්වය බරපතල ය.  රෝගීන් 7,862 ක් සුව වී නිවෙස් බලා ගොස් ඇති බව සෞඛ්‍ය අධිකාරිය පවසයි.

ගෝලීය වශයෙන් තහවුරු කරන ලද කො⁣රෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 73,243 ඉක්මවා ඇත.

වයිරසය පැතිරවීම වැළැක්වීමට ට්‍රම්ප් පරිපාලනය අවම වශයෙන් සංචාරකයින් 140 දෙනෙකු එක්සත් ජනපදයට ඇතුළුවීම වළක්වා ඇත.

එරට ස්වදේශික ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සීඑන්එන් වෙත සපයන ලද දත්ත වලට අනුව, පෙබරවාරි 2 සිට 12 දක්වා එක්සත් ජනපද ගුවන්තොටුපළවලදී විදේශිකයන් 14 දෙනෙකු හැරී ගොස් ඇති අතර පුද්ගලයින් 126 දෙනෙකුට වරායවලින් ඇතුළුවීම තහනම් කර තිබේ.

එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර ඇති මගීන් රටින් ඉවත් කිරීම අදාළ ගුවන් සමාගම්වල වගකීම වේ.

මීට අමතරව, සංචාරකයින් 34 දෙනෙකු පූර්ව නිෂ්කාශන ස්ථානවල නතර කර ඇත.

කොරෝනා වෛරසය සඳහා එච්.අයි.වී ප්‍රතිකාරයක් භාවිතා කරමින් ජපානය ඉක්මනින් පරීක්ෂණ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජපාන ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිහයිඩ් සුගා මහතා පැවසීය.

 “කොරෝනා වයිරසය පිළිබඳ එච්.අයි.වී ඖෂධ භාවිතා කරමින් සායනික අත්හදා බැලීම් ආරම්භ කිරීමට අපි මේ වන විට සූදානම් වෙමින් සිටිනවා” ඔහු කීය.

නව ඖෂධය අනුමත කිරීමට කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳව අදහස් දැක්විය නොහැකි බව ඔහු පැවසීය.

ජපානයේ මේ වන විට කොරෝනා  වෛරස් රෝගීන් 500 කට අධික සංඛ්‍යාවක් ඇති අතර ඉන් 450 කට වැඩි ප්‍රමාණයක් යොකොහාමා නෞකාවෙන් වාර්තා වී ඇත.

Source:

https://cnn.com/cnn/asia/live-news/coronavirus-outbreak-02-17-20-

https://www.aljazeera.com/amp/news/2020/02/cloneofcloneof200215224437270044837

(Cover Photo:Reuters)

Share