එක් දිනකදී කොරෝනා මරණ 242ක්-ආසාදිතයින් 14840ක්

Staff Writer | Author . Translate to English or தமிழ் 13. 02. 2020 | 8.24am
එක් දිනකදී කොරෝනා මරණ 242ක්-ආසාදිතයින් 14840ක්

චීනයේ හුබෙයි පළාතෙන් ඊයේ (12) දින තුළ කොරෝනා මරණ 242ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය නිලධාරීන් වාර්තා කර තිබේ.

මෙම වෛරසය හේතුවෙන් එක් දිනක් තුළ මිය ගිය වැඩිම සංඛ්‍යාව මෙයයි.

පළාතේ සෞඛ්‍ය කොමිෂන් සභාව ද නව රෝගීන්ගෙන් විශාල වර්ධනයක් වාර්තා කර ඇති අතර, බදාදා දිනය තුළ තවත් 14,840 දෙනෙකු ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පළාතේ මුළු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 48,206 දක්වා ඉහළ ගොස් ඇති බව කොමිසමේ දත්ත පෙන්වා දෙයි.

අවම වශයෙන් රටවල් 25 ක අසාදිත රෝගීන් ඇති බව තහවුරු කර ඇති අතර රටවල් කිහිපයක් ඔවුන්ගේ පුරවැසියන් හුබෙයි වලින් ඉවත් කරගෙන ඇත.  

චීනයේ ප්‍රධාන භූමියෙන් පිටත මරණ දෙකක් වාර්තා වී ඇති අතර ඉන් එක් මරණයක් හොංකොංවලින් ද අනෙක් මරණය පිලිපීනයෙන්ද වාර්තා විය.

Share