පළමු 'කොරෝනා ⁣ප්‍රතිකාර' රෝහල විවෘත කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 28. 01. 2020 | 11.08pm
පළමු 'කොරෝනා ⁣ප්‍රතිකාර' රෝහල විවෘත කරයි

ඇඳන් 1,000 කින් යුත් චීනයේ පළමු කොරෝනා ප්‍රතිකාර රෝහල අද(29) හුවාංෂෝ ප්‍රදේශයේ (Huangzhou) විවෘත කර තිබේ.

දින දෙකකින් හිස් ගොඩනැගිල්ලක් හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම සඳහා කම්කරුවන් සහ ස්වේච්ඡා සේවකයන් කටයුතු කළ බව Dailymail පුවත් සේවය වාර්තා කරයි.

ඉදිකිරීම් සමාගම්, උපයෝගිතා සමාගම් සහ පැරාමිලිටරි පොලිස් නිලධාරීන්ගේ ඒකාබද්ධ වෑයමකින් මෙම ව්‍යාපෘතිය පැය 48 ක් තුළ නිම කළ බව නගර අධිකාරිය පවසයි.

කොරෝනා වයිරස් රෝගීන්ගේ පළමු කණ්ඩායම අද (29) මෙම ඩේබි මවුන්ටන් ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත මාරු කර යවා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

ඩේබි මවුන්ටන් ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානය චීනයේ විවෘත කළ පළමු කොරෝනා ප්‍රතිකාර රෝහලයි.  

නගරයේ හුවාංෂෝ දිස්ත්‍රික්කයේ ඉදිකර තිබු මෙම රෝහල් ගොඩනැගිල්ල මුලින් ඉදිකරන ලද්දේ හුවාංගාං මධ්‍යම රෝහලේ නව ශාඛාවක් ලෙස අතර එය මැයි මාසයේදී විවෘත කිරීමට අපේක්ෂා කෙරිණි.

මෙම ගොඩනැගිල්ල කොරෝනා වෛරස් රෝගීන්ට පමණක් ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ලෙස පළාත් පාලන ආයතනය සිකුරාදා නියෝග කළේය.

සඳුදා වන විට ඇඳන් සියල්ලම ස්වේච්ඡා සේවකයන් විසින් සකස් කරන ලද අතර ජලය, විදුලිය සහ අන්තර්ජාල පහසුකම් ද ස්ථාපනය කර ඇති බව හුවාංගාං රජය පවසයි.

Dailymail ඇසුරෙනි




ඡායාරූප-හුවාංගාං රජය

Share