ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට

Staff Writer | Author . Translate to English or தமிழ் 27. 01. 2020 | 12.22am
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට

ඉන්දුනිසියාවේ සිට මැද පෙරදිග බලා ගමන් කරමින් තිබු ගුවන් යානයක සිටි ඉන්දූනීසියානු කාන්තාවක  අද(25) පස්වරුවේ කොරොනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිතව අංගොඩ පිහිටි බෝවන රෝග විද්‍යාතයතනයට ඇතුළත් කර තිබේ.

එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බස්වා ඇති අතර එම කාන්තාවට උණ රෝගය උත්සන්න වීම හේතුවෙන් බෝවන රෝග විද්‍යාතයතනයට ඇතුළත් කර ඇත.

අදාළ කාන්තාවට උණ රෝගය හැර වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් මෙතෙක් පෙන්නුම් නොකරන බව සඳහන් වෙයි.


Share