'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''

Staff Writer | Author . Translate to English or தமிழ் 10. 01. 2020 | 3.20am
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''

ඉරානයේ දී කඩා වැටුණු යුක්‍රේන ගුවන් යානය ඉරානය එල්ල කළ මිසයිලයකින් කඩා වැටී ඇති බවට  විවිධ මූලාශ්‍රවලින් කැනඩාවට බුද්ධි තොරතුරු ලැබුණු බව කැනඩා අග්‍රාමාත්‍ය Justin Trudeau පවසයි.

ඇ⁣මෙරිකානු නිලධාරීන් මීට පෙර පවසා තිබුණේ ඉරානය විසින් ගුවන් යානයට හදිසියේ පහර දී ඇති බවයි. කැනේඩියානුවන් 63 දෙනෙකු ඇතුළුව යානයේ සිටි පුද්ගලයින් 176 දෙනකු ජීවිතක්ෂයට පත්විය.

"අපිට මුලාශ්‍ර කිහිපයකින් වගේම අපේම බුද්ධි අංශවලින් ⁣⁣තොරතුරු ලැබුණා.ඒ අනුව පෙනි යන්නේ ඉරානය එල්ල කළ (Surface to air) මිසයිලයිකින් ගුවන් යානය කඩා වැටී ඇති බවයි." කැනඩා අගමැතිවරයා ප්‍රකාශ කළේය.

"මෙය හිතාමතා කළ දෙයක් නොවන්නටත් පුළුවන්. මෙම නව තොරතුරු මගින් මේ පිළිබඳව ගැඹුරු විමර්ශනයක අවශ්‍යතාව තවදුරටත් තහවුරු වනවා."

විනිවිදභාවය, වගවීම සහ යුක්තිය ලබා ගන්නා තෙක් තම රජය විවේක නොගන්නා බව ද කැනඩා අගමැතිවරයා පැවසීය.

ඔටාවා හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කීය.

Reuters ඇසුරෙනි

Share