ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුත් ඉරානයෙන් ප්‍රහාරයක්

Staff Writer | Author . Translate to English or தமிழ் 09. 01. 2020 | 3.36am
 ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුත් ඉරානයෙන් ප්‍රහාරයක්

ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇති බැග්ඩෑඩ් ජාත්‍යන්තර  කලාපය තුළ (Green Zone) පිපිරීම් කිහිපයක් ඇති වී තිබේ.

ඉරාක හමුදා නිලධාරීන් පසුව කියා සිටියේ කැටූෂා රොකට් දෙකක් ප්‍රදේශයට එල්ල වී ඇති නමුත් කිසිවෙකුට හානියක් සිදු වී නොමැති බවයි.

ඉරානය ඇමෙරිකානු කඳවුරු වලට බෝම්බ හෙලීම සම්බන්ධයෙන් ඉරානයට එරෙහිව යුදමය ක්‍රියාවකට නොයන බවට ඇ⁣මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ඩොනල්ඩ් ට්‍රම්ප් සිය විශේෂ ප්‍රකාශය කර පැය කිහිපයකට පසු මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

යුදමය ක්‍රියාවලියකට නොයා ඉරානය මත සම්බාධක පැනවීමට සැලසුම් කර ඇති නමුත් තමන් සාමය සඳහා සූදානම් බව ඇ⁣මෙරිකානු ජනාධිපතිවරයා කීය.

සීඑන්එන් ඇසුරෙනි

Share