රාජිත සේනාරත්නට විදෙස්ගත වීම තහනම්

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 12. 2019 | 6.49pm
රාජිත සේනාරත්නට විදෙස්ගත වීම තහනම්

හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට විදෙස්ගත වීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝගයක් නිකුත් කළේය.

සුදුවෑන් සිද්ධිය ගැන පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන හේතුවෙන්  ඒ මහතාගේ විදෙස්ගත වීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසට රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ආගමන සහ විගමන පාලකවරයාට මෙම නියෝගය නිකුත් කළේය.

Share