ස්විස් තානාපති සේවිකාව සීඅයිඩියට

Staff Writer | Author . Translate to English or தமிழ் 08. 12. 2019 | 6.34pm
ස්විස් තානාපති සේවිකාව සීඅයිඩියට

මහත් ආන්දෝලනයකට තුඩුදුන් ස්විස් තානාපති කාර්යාල සිද්ධියට අදාළ සේවිකාව අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් බව පොලිස් ආරංචිමාර්ග කියයි.

ඇය අධිකරණය වෛද්‍යවරයා හමුවට යොමු කිරීමට ද රැගෙන ගිය බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

රාජකාරි නිම වී නිවසට යන අතරතුර මෝටර් රථයකින් ඈ පැහැරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා මහතා රටින් පිටවීම ගැන කරුණු විමසා තිබූ බවට රටතුළ මහත් ආන්දෝලනයක් ඇතිවිය.

Share