සීඅයිඩී තිසේරාගේ කලින් මාරුව අහෝසි කර ඌව පොලිස් ලොක්කාගේ පෞද්ගලික සහකාර ලෙස යවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 04. 12. 2019 | 12.34pm
සීඅයිඩී තිසේරාගේ කලින් මාරුව අහෝසි කර ඌව පොලිස් ලොක්කාගේ පෞද්ගලික සහකාර ලෙස යවයි

විද්‍යා දැරිය ඝාතනය සහ ජනමාධ්‍ය වේදීන්ට හිරිහැර කිරීම ඇතුළු සංවේදී විමර්ශන ගණනාවක් සිදුකරමින් සිටි රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතාට පෙර ලබාදුන් ස්ථාන මාරුව අහෝසි කර ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කරනු ලැබ තිබේ.

මීට පෙර ඔහු රහස් පොලිසියෙන් ඉවත් කර පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කර තිබිණි.

අප වෙබ් අඩවිය ඔහුගේ සථාන මාරුව ගැන මීට පෙර වාර්තා කර තිබූ ලිපිය.

විද්‍යා දැරිය ඝාතනය සහ ජනමාධ්‍ය වේදීන්ට හිරිහැර කිරීම ඇතුළු සංවේදී විමර්ශන ගණනාවක් සිදුකරමින් සිටි රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කර තිබේ.

විද්‍යා දැරිය ඝාතනයේ විමර්ශන මෙහෙයවීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් විශේෂ ඇගයුමට ලක්වූ ඒ මහතා පොලිස්පති ප්‍රශංසා පවා ලද නිලධාරියෙකි.

රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ⁣මෙහෙයවූයේද, ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම, රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම ඇතුළු සිද්ධි ගණනාවක විමර්ශන මෙහෙයවූයේද තිසේරා මහතාය.

මෙම විමර්ශන අඩපන කිරීම සඳහා දේශපාලන අවශ්‍යතාවකට වැඩ බලන පොලිස්පතිවරයා මෙම ස්ථාන මාරුව කර ඇති බවත්, ඔහු ස්ථාන මාරු කිරීමට පොලිස් කොමිසමෙන් අනුමැතිය ගෙන නැති බවත් දැනගන්නට තිබේ.

Share