රහස් පොලිසියේ ඒ.එස්.පී තිසේරාත් යවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 30. 11. 2019 | 11.15am
රහස් පොලිසියේ ඒ.එස්.පී තිසේරාත් යවයි

විද්‍යා දැරිය ඝාතනය සහ ජනමාධ්‍ය වේදීන්ට හිරිහැර කිරීම ඇතුළු සංවේදී විමර්ශන ගණනාවක් සිදුකරමින් සිටි රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කර තිබේ.

විද්‍යා දැරිය ඝාතනයේ විමර්ශන මෙහෙයවීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් විශේෂ ඇගයුමට ලක්වූ ඒ මහතා පොලිස්පති ප්‍රශංසා පවා ලද නිලධාරියෙකි.

රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ⁣මෙහෙයවූයේද, ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම, රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම ඇතුළු සිද්ධි ගණනාවක විමර්ශන මෙහෙයවූයේද තිසේරා මහතාය.

මෙම විමර්ශන අඩපන කිරීම සඳහා දේශපාලන අවශ්‍යතාවකට වැඩ බලන පොලිස්පතිවරයා මෙම ස්ථාන මාරුව කර ඇති බවත්, ඔහු ස්ථාන මාරු කිරීමට පොලිස් කොමිසමෙන් අනුමැතිය ගෙන නැති බවත් දැනගන්නට තිබේ.

Share