නව ආණ්ඩුකාරවරු 6 දෙනෙක් දිවුරුම් දෙති

Staff Writer | Author . Translate to English or தமிழ் 21. 11. 2019 | 10.17am
නව ආණ්ඩුකාරවරු 6 දෙනෙක් දිවුරුම් දෙති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් හය දෙනෙකු දිවුරුම් දී තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ලෙස සීතා අරඹේපොල මහත්මිය ද ,මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලෙස ලලිත් යූ ගමගේ මහතාද ,දකුණු පළාත් ආණ්ඩුකාරවර ලෙස විලී ගමගේ මහතාද, වයඹ පළාත් ආණ්ඩුකාරවර ලෙස ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ද, ඌව පළාත් ආණ්ඩුකාරවර ලෙස රාජා කොල්ලූරේ මහතා ද,සබරගමුව පළාත් ආණ්ඩුකාරවර ලෙස ටිකිරි කොබ්බෑකඩුව මහතාද පත් කරනු ලැබ තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ සියලු ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ඊයේ(21) දැනුම් දී තිබිණි.


Share