ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගනී

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 17. 11. 2019 | 2.18pm
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 1,360,016කින් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.

ඒ ජනාධිපතිවරණයේ ජාතික ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරමිනි.

රාජපක්ෂ මහතා ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 6 924 255 කි.

ඒ මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතය 52.25%ක් වන අතර දෙවැනි ස්ථානය  ලබාගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ප්‍රතිශතය 41.99%කි.

සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 5 564 239 කි.

තෙවැනි ස්ථානය ලබාගත් ජාතික ජනතා බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 418 553ක් වන අතර ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය 3.16%ක්.

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 49 655කි.ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය 0.37%කි.

ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18) ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

Share