තංතිරිමලේදී ලංගම බස් රථයකට වෙඩි

Staff Writer | Author . Translate to English or தமிழ் 16. 11. 2019 | 10.32am
තංතිරිමලේදී ලංගම බස් රථයකට වෙඩි

අද (16) අලුයම පුත්තලම සිට මන්නාරම සිලාවතුර ප්‍රදේශය දක්වා පුද්ගලයින් ප්‍රවාහනය කළ බව කියන ලංගම බස් රථයකට තංතිරිමලේ බෝගොඩ සපත්තු පාලම අසලදී යම්කිසි පිරිසක් විසින් ගල් ගසා අනතුරුව වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි සෙට්ටිකුලම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පවසයි.

නමුත් මේ වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති බව පොලිසිය පවසයි.

සෙට්ටිකුලම පොලිසියෙන් අදාළ පැමිණිල්ල තන්තිරිමලේ පොලිසියට යොමු කර තිබේ.

පොලිසිය කළ ස්ථාන පරීක්ෂාවකදී ඒ ප්‍රදේශයේ සිවිල් ආරක්ෂකයන් සිටින කුටියක් නුදුරින් තිබෙන  බව නිරීක්ෂණය වී තිබේ.

Share