බුද්ධි අංශ ලිපිය බොරුවක් - රහස් පොලිසියෙන් පරීක්ෂණ අරඹයි

Staff Writer | Author . Translate to English or தமிழ் 15. 11. 2019 | 1.23pm
බුද්ධි අංශ ලිපිය බොරුවක් - රහස් පොලිසියෙන් පරීක්ෂණ අරඹයි

‘රහස්‍යයි‘ මුද්‍රාව සමග රාජ්‍ය බුද්ධි අංශයෙන් ලබාදුන් බවට පවසමින් සමාජ මාධ්‍ය ජාලාවල පැතිරෙන ලිපිය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එවැනි ලිපියක් ලබාදී නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ අරඹා ඇති බවත් ගුණසේකර මහතා පවසයි.

මේ ලිපිය පිළිබඳව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩබලන පොලිස්පතිට සහ මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ.

Share