රජයේ ඇමතිවරු 'නිහඬ කාලයේදී' මැතිවරණ නීති කඩති

Staff Writer | Author . Translate to English or தமிழ் 14. 11. 2019 | 7.00pm
රජයේ ඇමතිවරු 'නිහඬ කාලයේදී' මැතිවරණ නීති කඩති

Update - 10.00 AM

ඊයේ(13) රාත්‍රි 12න් පසු මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම් කර ඇති වාතාවරණයකදී වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සහ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම් හරහා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රවර්ධනය වන ආකාරයෙන් ෆේස්බුක් පෝස්ට් දමා තිබිණි.

රංජන් රාමනායක මහතා අද (14) අලුයම (පෙ.ව 12.02) ඔහුගේ පක්ෂය සහ අපේක්ෂකයා ප්‍රවර්ධනය වන ආකාරයට ඡායාරූපක්ද අජිත් පී පෙරේරා මහතා අද උදෑසන (පෙ.ව 8.00ට පමණ) එම පක්ෂයේ අපේක්ෂකයා ප්‍රවර්ධනය වන ආකාරයට වීඩියෝ පටයක්ද පළ කර තිබිණි.

Update - 3.00 PM

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද අද දහවල් (ප.ව 2.40) ගීත වීඩියෝ පටයක් එක්කර තිබුණේ සම්පූර්ණයෙන්ම ඔහු සහය දක්වන අපේක්ෂකයා ප්‍රවර්ධනය වන ආකාරයෙන්ය.

Update - 5.40 PM

මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පණ්ඩු බණ්ඩාරනායක මහතා ද අද සවස (ප.ව 5.34) ඔහු සහය දක්වන අපේක්ෂකයාට සහය පළ කරමින් ඡායාරූපයක් පළ කර තිබේ.

Update - 6.10 PM

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව මැතිවරණ කොමිසමේ ෆේස්බුක් පිටුවට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පැවසීය.

Update - 7.00 PM

අජිත් පී පෙරේරා මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විට එම වීඩියෝ පට ඉවත් කර තිබේ.

රංජන් රාමනායක මහතා පළ කර තිබූ ඡායාරූපය

 

අජිත් පී පෙරේරා මහතා පළ කර තිබූ වීඩියෝවේ Screenshots (මැතිවරණ නීති අනුව යමින් අදාළ වීඩියෝව හෝ සබැදි පළ නොකරේ)

 

හරීන් ප්‍රනාන්දු මහතා පළ කර තිබු වීඩියෝවේ Screenshots (මැතිවරණ නීති අනුව යමින් අදාළ වීඩියෝව හෝ සබැදි පළ නොකරේ)

 

පණ්ඩු බණ්ඩාරනායක මහතා පළ කර තිබූ ඡායාරූපය

සැ.යු - මැතිවරණ නීති අනුව ඉහත සදහන් ඡායාරූපවල (Screenshots) ඡන්ද ලකුණු,පක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය නොවන අයුරින් අප වෙබ් අඩවිය තුළ පළ කර තිබේ.

Share