ශ්‍රීලනිප සහය ගෝඨාභයට

Staff Writer | Author . Translate to English or தமிழ் 09. 10. 2019 | 11.16am
ශ්‍රීලනිප සහය ගෝඨාභයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට තීරණය කළ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරණයේදී එම පක්ෂ ස්ථාවරය ප්‍රකාශ කරන මාධ්‍ය හමුවේදීය.

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන බවත් ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වී පුටුව ලකුණින් තරග කරන බවද ඒ මහතා කීය.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ ආශීර්වාදයෙන් මෙම තීරණය ගත් බවත් මේ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට අත්සන් කරන බවත් ඒ මහතා පැවසීය.

Share