ගෝඨාභය වෙනුවෙන් සංගා ජනාධිපතිවරණයට - අසත්‍යයි

Staff Writer | Author . Translate to English or தமிழ் 05. 10. 2019 | 1.01am
ගෝඨාභය වෙනුවෙන් සංගා ජනාධිපතිවරණයට - අසත්‍යයි

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක කුමාර සංගක්කාර මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපතිවරණයට තරග කරන බවට සමාජ මාධ්‍ය ජාල හරහා පැතිරෙන පුවත් අසත්‍ය බව කුමාර සංගක්කාර මහතාගේ ට්විටර් ගිණුම පරීක්ෂා කිරීමේදී පෙනී යයි.

"එම ව්‍යාජ ඡායාරූපයේ සඳහන් වන්නේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති මේ මොහොතේ ගෝඨාභය මහතාට අධිකරණ අවසර නොලැබුණාහොත් එතුමා වෙනුවෙන් මම ඉදිරිපත් වෙනවා.-කුමාර සංගක්කාර" යනුවෙනි.


එය සම්පූර්ණයෙන් අසත්‍ය බවට කුමාර සංගක්කාර මහතා පවසා තිබේ.

ඔහුගේ ට්විටර් පිළිතුර (Reply)

Original Reply - Completely fake. It’s no use reacting to theses as there have been so many like this created for nefarious reasons

සිංහල පරිවර්තනය  - "සම්පූර්ණයෙන්ම ව්‍යාජයි. අශෝභන හේතූන් මත මෙවැනි බොහෝ දේ නිර්මාණය වී ඇති බැවින් මේවාට ප්‍රතිචාර දැක්වීමෙන් ප්‍රයෝජනයක් නැත"


ඔහු මේ පිළිතුර ලබා දී ඇත්තේ ඔහුගේ රසිකයෙකු අසා ඇති ප්‍රශ්නයකටය.

| මේ අනුව කුමාර සංගක්කාර මහතා ⁣ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පැතිරෙන ප්‍රචාර අසත්‍ය බව නිගමනය වෙයි |

Share