මොරටුව බෝම්බ කතාවේ ඇත්ත නැත්ත

Staff Writer | Author . Translate to English or தமிழ் 04. 10. 2019 | 11.19pm
මොරටුව බෝම්බ කතාවේ ඇත්ත නැත්ත

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයෙන් අධිබලැති බෝම්බ හමු වූ බවට සමාජ මාධ්‍ය ජාල හරහා පුවත් පැතිරුණ ද හමුවී තිබෙන්නේ පැරණි අත්බෝම්බ බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

එම මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය අනුව අද (04) පස්වරුවේ මොරටුව පොලිස් වසමේ රාවතාවත්ත ප්‍රදේශයේ පාළු ඉඩමක් සුද්ද කරමින් සිටි පිරිසකට එම ඉඩමේ වලදමා තිබූ අත් බෝම්බ 03 ක් හමුවී ඇත. 

අනතුරුව ඒ පිළිබඳ මොරටුව පොලිස් ස්ථානයට දැනුම්දී තිබේ. 

මෙම අත් බෝම්බ ඉතා පැරණි තත්ත්වයේ තිබූ ඒවා බවත්  එම අත් බෝම්බ 03න් පුපුරුවා දැමීමට හැකි තත්ත්වයේ තිබූ එක් අත් බෝම්බයක් ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් යොදවා පුපුරුවා හැර නිෂ්ක්‍රීය කළ  බවත් එම නිවේදනයේ දැක්වෙයි.

තවද මෙම අත් බෝම්බ ත්‍රිවිධ  හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකු විසින් මෙම ස්ථානයේ තබන්නට ඇති බවට සැකකරන බව ද එහි දැක්වෙයි.

පොලිස් මාධ්‍ය ඒකකය ෆේස්බුක් හරහා නිකුත් කළ නිවේදනය 


Share