අකිල ධනංජයට වසරක ක්‍රිකට් තහනමක්

Staff Writer | Author . Translate to English or தமிழ் 19. 09. 2019 | 6.41pm
අකිල ධනංජයට වසරක ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඒ අනුව 2020 අගෝස්තු 29 තෙක් මෙම තහනම පැනවෙනු ඇත.

ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බවට චෝදනා කරමින්.

මීට පෙර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බවට චෝදනා කරමින් පන්දු යැවීමේ තහනමක් පන⁣වා තිබිණි.

Share