රාජපක්ෂ කෞතුකාගාර නඩුව ගැන ගෝඨාගේ අභියාචනය ප්‍රතික්ෂේප කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 11. 09. 2019 | 2.08pm
රාජපක්ෂ කෞතුකාගාර නඩුව ගැන ගෝඨාගේ අභියාචනය ප්‍රතික්ෂේප කරයි

වීරකැටිය රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී සිදුවීයැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන මහාධිකරණයේ විභාග වීමට නියමිත නඩුව අත්හිටුවන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඔක්තෝබර 15 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ද එහි වගඋත්තරකරුවෙකි.

Share