පළමු T20 තරගයෙන් ලංකාවට පරාජයක් - මාලිංගගෙන් වාර්තාවක්

Staff Writer | Author . Translate to English or தமிழ் 01. 09. 2019 | 10.58pm
පළමු T20 තරගයෙන් ලංකාවට පරාජයක් - මාලිංගගෙන් වාර්තාවක්

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලසිත් මාලිංග අද (01) සමත් විය.ඔහු මේ වන විට ලබාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 99ක්.

ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී ලකුණු 23කට කඩුළු 2ක් දවාගැනීමත් සමගයි.

එම තරගය කඩුළු  පහකින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර කඩුළු 04ක් දැවී ලකුණු 174ක් වාර්තා කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුළු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් ලබාගත්තේය.

Share