අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් දිවියෙන් සමුගනී

Staff Writer | Author . Translate to English or தமிழ் 28. 08. 2019 | 8.49pm
අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබේ.

ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2015 දීය.

ඔහු එක්දින තරග 87කදී කඩුළු 152ක් දවා ගෙන ඇති අතර විස්සයි විස්ස තරග 39කදී කඩුළු 66ක් දවාගෙන තිබේ.ටෙස්ට් තරග 19කදී කඩුළු 70ක් දවාගෙන ඇත.

පාදයේ ආබාධයක් හේතුවෙන් තාවකාලිකව ක්‍රිකට් පිටියෙන් ඉවත් වූ මෙන්ඩිස්ට නැවත කණ්ඩායමට පැමිණිමට අවස්ථාවක් හිමි වූයේ නැත.

ඔහුගේ එක්දින හොදම පන්දු යැවීම ලකුණු 13කට කඩුළු 6ක් ලෙසත් විස්සයි විස්ස හොඳම පන්දු යැවීම ලකුණු  8කට කඩුළු 6ක් ලෙසත් සටහන් වී තිබේ.

Share