එක් මන්ත්‍රීවරයකුට මසකට ලක්ෂ දෙක හමාරක්

Staff Writer | Author . Translate to English or தமிழ் 15. 08. 2019 | 10.49pm
එක් මන්ත්‍රීවරයකුට මසකට ලක්ෂ දෙක හමාරක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීම ගැන පසුගිය කාලයේ ලොකු කතාබහක් ඇති විය. මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ සිය අදහස මතු කළේය. මෙම ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ගැනයි.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරු


ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ සම්බන්ධ අණ පනත්වලට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටිය යුතු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 225කි. එම 225 දෙනා අතුරෙන් කෙනෙකු කතානායකවරයා වශයෙන්  තෝරා පත් කර ගත යුතු අතර අගමැතිවරයා ලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීන් පිරිසකගේ කැමැත්ත ඇති මන්ත්‍රීවරයාය. ආණ්ඩු කරන පක්ෂයට පසු වැඩිම ආසන ප්‍රමාණයක් ලබා ගන්නා පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන මන්ත්‍රීවරයා විරුද්ධ පක්ෂ නායකයා ලෙස තෝරා පත් කර ගනී.


මහ මැතිවරණයෙන් ඒ ඒ පක්ෂ යටතේ වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනෙන මන්ත්‍රීන්ට අමතරව ඡන්දයේ දී ඒ ඒ පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව ලැබෙන කෝටාවෙන් පත් වෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ද වෙති.


ශ්‍රී ලංකාවේ අවසන් වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූයේ 2015 අගෝස්තු 17 වැනි දා ය. එම මැතිවරණයෙන් ලබා ගත් ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ ආසන සංයුතිය පහත දැක්වේ.



දේශපාලන පක්ෂයේ නම
මැතිවරණයේ දී ලබාගත් ආසන සංඛ්‍යාව
එක්සත් ජාතික පක්ෂය
106
එක්සත් ජනතා නිදහස් සන්ධානය
 95
ඉලංකෙයි තමිල් අරසු කච්චි
16
ජනතා විමුක්ති පෙරමුණ
6
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
1
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
1


කතානායක


අවසන් වරට පැවැත්වූ 2015 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ කතානායකයා වශයෙන් තෝරා පත් කර ගත්තේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතාය.

පාර්ලිමේන්තු වෙබ්අඩවියට අනුව ඔහුගේ ජීවත දත්ත පහත දැක්වේ.


නම
කරු ජයසූරිය
තනතුර
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ පාර්ලිමේන්තුවේ කථානායක
උපන්දිනය
1940 සැප්තැම්බර් 29
අධ්‍යාපන පසුබිම
කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.

එක්සත් රාජධානියේ වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනයේ ගරු සාමාජික
ප්‍රවාහන ආයතනයේ ගරු සාමාජික
- INSED, ප්‍රංශ ව්‍යාපාර පාසලේ ආදි ශිෂ්‍ය
රාජ්‍ය සේවාවේ දැරූ තනතුරු
ශ්‍රී ලංකා යුධ හමුදාවේ අධිකාරිලත් නිලධාරී - 1965-1972
පෞද්ගලික සමාගම් සහ ලියාපදිංචි රාජ්‍ය සමාගම් 52ක සභාපති / ප්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කර ඇත.
ඔස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තය ආවරණය වන බලය සහිතව 1992 – 1994 කාලය තුළ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් සේවය කිරීම
පෞද්ගලීකරණය කිරිම පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජික සහ ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම පෞද්ගලීකරණය වූ සමාගම වූ සී/ස යුනයිටඩ් මෝටර්ස් හි ප්‍රධානියා වීම
ජාතික වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා වීම
දේශපාලන ගමන්මග
කොළඹ මහ නගර සභාවේ පුරපතිතුමා - 1997 – 1999
බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක 1999-2001 
පාර්ලිමේන්තු මන්ත්‍රී - 2001 
විදුලිබල හා බලශක්ති ඇමති, 2001 - 2004
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ඇමති, 2007-2008
එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ නියෝජ්‍ය නායක
එ.ජා.ප. නායකත්ව සභාවේ සභාපති වශයෙන් 2013 දී පක්ෂ ප්‍රතිසංවිධානයට නායකත්වය සැපයීම
රාජ්‍ය පරිපාලනපළාත් සභාප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ බුද්ධ ශාසන අමාත්‍ය - 2015 ජනාවරි

යනාදී තනතුරුපාර්ලිමේන්තුවේ කථානායක ධූරය දැරිමට පෙර හොබවන ලදී.
හෙබවූ අනෙකුත් තනතුරු
1. වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති
2. සාර්ක් වාණිජ මණ්ඩලයේ සභාපති
3. කොළඹරබර් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති
4. සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති
5. එක්ස්පෝ - 92, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ සභාපති
6. ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපති


 

2018 වසරේ පාර්ලිමේන්තුව පැවැති දින 77න් කරු ජයසූරිය මහතා පැමිණ නැත්තේ දින දෙකක් පමණි. ඒ 2018 සැප්තැම්බර් 06 වැනි දා සහ 2018 ඔක්තෝබර 09 වැනිදාය. මෙම වසරේ පාර්ලිමේන්තුව පැවැති දින 71 අතුරෙන් කරු ජයසූරිය මහතා පැමිණ නැත්තේ දින හතක් පමණි.


අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 වසරේ දී දින 67ක් පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර දින 10ක් පැමිණ නැත. මෙම වසරේ දී වික්‍රමසිංහ මහතා නොපැමිණි දින ගණන අටකි.

දැනට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතා 2018 වසරේ පාර්ලිමේන්තුව පැවැති දින 77න් පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ දින 24ක් පමණි. ඔහු එම වසරේ දින 53ක් පාර්ලිමේන්තුවට පැමිණ නැත. මහින්ද රාජපක්ෂ මහතා මෙම වසරේ නොපැමිණි දින ගණන 17කි.


විපක්ෂ නායකවරයකු ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා 2018 වසරේ දී දින 20ක් පාර්ලිමේන්තුවට පැමිණ නැති අතර 2019 වසරේ දී දින 37ක් පාර්ලිමේන්තුවට සහභාගී වී නැත.


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දින 15ක් 2018 වසරේ දී පාර්ලිමේන්තුවට පැමිණ නැත. මෙම වසරේ දී ඔහු පාර්ලිමේන්තුවට නොපැමිණි දින ගණන 22කි.

 

මන්ත්‍රී දීමනා

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව හරහා ලැබෙන දීමනා සහ වරප්‍රසාද මෙසේය.



දීමනා
සියළුම අමාත්‍යවරුනියෝජ්‍ය අමාත්‍යවරුරාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
රැස්වීම් දීමනාව
පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් එක් දිනක් සඳහා පැමිණීමේ දීමනාව රු. 2500/=
කාරක සභා දීමනාව
පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රු. 2500/= බැගින්. (පාර්ලිමේන්තු රැස්වීම් දිනවල පැවැත්වෙන කිසිඳු කාරක සභාවකට සහභාගිවීම වෙනුවෙන් දීමනා ගෙවනු නොලැබේ.)
කාර්යාල දීමනාව
කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රු. 100,000/= ක් බැගින්


දීමනා
මන්ත්‍රීවරු
මන්ත්‍රී දීමනාව (වැටුප)
රු. 54,285.00
සංග්‍රහ දීමනාව
රු. 1,000/=
රියදුරු දීමනාව
රු. 3,500/=
(රියදුරු දීමනාව ගෙවනු ලබන්නේ රජයෙන් වැටුප් ලබන රියදුරෙක් නොමැති නම් පමණි)


දීමනා
අමාත්‍යවරුනියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු
මන්ත්‍රී දීමනාව (වැටුප)
පාර්ලිමේන්තුවෙන් ගෙවනු නොලැබේ
සංග්‍රහ දීමනාවපාර්ලිමේන්තුවෙන් ගෙවනු නොලැබේ
රියදුරු දීමනාව
පාර්ලිමේන්තුවෙන් ගෙවනු නොලැබේ


ඉන්ධන දීමනාව
පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළඳපොල මිළ ගණන් අනුව ගෙවනු ලැබේ. (උදා: කොළඹ ලී‍ටර් 283.94, ගම්පහ සහ කළුතර ලී‍ටර් 355.58)
දුරකථන දීමනාව
ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු. 50,000/= (දුරකථන බිල්පත් ගෙවීම හෝ ප්‍රතිපූර්ණය කරනු නොලැබේ)
පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව
පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් ‍‍අයෙක් සඳහා රු. 2,500/= බැගින් මාසිකව රු. 10,000/=
නිදහස් තැපැල් පහසුකම්
සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රු. 350,000/= ක් වටිනා මුද්දර (එක් කාර්තුවකට රු. 87,500/= ක් බැගින්) ලබා දේ.


මේ අනුව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකුට වැටුප සහ දීමනා එකතුව මසකට ලැබෙන මුදල රුපියල් 283000කට ආසන්න වේ. (පෙර වසරට සාපේක්ෂව මැද අගයක් ලෙස)

Share