නීතීඥවරයකුගේ තර්ජන ගැන රහස් පොලිස් අධ්‍යක්ෂගෙන් පැමිණිල්ලක්

Staff Writer | Author . Translate to English or தமிழ் 29. 07. 2019 | 4.05pm
නීතීඥවරයකුගේ තර්ජන ගැන රහස් පොලිස් අධ්‍යක්ෂගෙන් පැමිණිල්ලක්

තමන්ට ජම්පරයක් අන්දන බවට තර්ජනය කළැයි නීතීඥවරයකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කළේය.

සාෆි ශිහබ්දීන් මහතාට එරෙහිව මව්වරුන්ගේ පැත්තට කතා කරන නීතීඥවරයෙකු මෙලෙස තර්ජනය කළ බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාට සහ වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට ද පැමිණිලි කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම නඩුව කරන රහස් පොලිස් නිලධාරීන්ට දිගින් දිගටම තර්ජන පැමිණි අතර අතුරලියේ රතන හිමි සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතාට කළැයි කියන තර්ජනයක් ගැන ද පැමිණිලි ආරම්භ වී තිබේ.

Share