ක්‍රිකට් රැකගන්න තමන් සමග එකවන්නැයි අර්ජුන මාලිංගගෙන් ඉල්ලයි

Staff Writer | Author . Translate to English or தமிழ் 26. 07. 2019 | 3.13pm
ක්‍රිකට් රැකගන්න තමන් සමග එකවන්නැයි අර්ජුන මාලිංගගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් අද (26) සමුගන්නා ලසිත් මාලිංගට සුබ පැතුම් එක්කර විශේෂ ලිපියක් යොමු කරමිනි.

ලසිත් මාලිංග යනු 2015 වසරින් පසු මෑත කාලීන ක්‍රිකට් පරිපාලනයෙහි නොයෙකුත් කෙණෙහිලිකම් මැද දක්ෂතා ප්‍රකට කළ ක්‍රීඩකයකු බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ලසිත් මාලිංග ක්‍රිකට් පිටියේ රමණීයත්වය සහ චමත්කාරය සනිටුහන් කළ විශිෂ්ට ක්‍රීඩකයෙක්‍‍‍‍ බව ද රණතුංග මහතා පවසයි.

එම ලිපිය පහත දැක්වෙයි.

Share