කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂට ඩීඅයිජීට හා එස්පීට එරෙහිව පැමිණිලි දෙකක්

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 07. 2019 | 7.14pm
කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂට ඩීඅයිජීට හා එස්පීට එරෙහිව පැමිණිලි දෙකක්

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

එම පැමිණිල්ල සිදු කරනු ලැබ ඇත්තේ වෛද්‍ය සාෆි ශිහබ්දීන්ගේ බිරිඳ වන වෛද්‍ය ෆාතිමා ඉමාරා මහත්මිය විසිනි.

තම සැමියාට එරෙහි කුමන්ත්‍රණය පිටුපස මෙම දන්ත වෛද්‍යවරයා ඇති බවට සැක කෙරෙන බවත්, ඔහු තම සැමියාට එරෙහිව ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත්, අධිකරණය නොමග යවන කරුණු ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කරන වෛද්‍යවරිය ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ද ඉල්ලා ඇත. 

මීට අමතරව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, පොලිස් අධිකාරී මහින්ද දිසානායක සහ කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති කූඨ ලේඛන සකස් කර තම සැමියා කොටු කිරීමට කුමන්ත්‍රණය කර ඇති බවට තොරතුරු තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් සාෆිගේ බිරිඳ තවත් පැමිණිල්ලක් කර තිබේ. 

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය කියයි.


Share