ඉන්දියාව දෙවන සඳ ගමන සාර්ථකව අරඹයි

Staff Writer | Author . Translate to English or தமிழ் 22. 07. 2019 | 4.04pm
ඉන්දියාව දෙවන සඳ ගමන සාර්ථකව අරඹයි

ඉන්දියාවේ දෙවන චන්ද්‍ර මෙහෙයුම සාර්ථකව දියත් කිරීමට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) අද (22) සමත් විය.

එරට වේලාවෙන් සවස 2.43ට මෙම චන්ද්‍රිකාව දියත් කෙරිණි.

මෙම චන්ද්‍රිකාව ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ශ්‍රීහාරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කෙරිණි.

මීට සතියකට පෙර දියත් කිරීමට නියමිතව තිබූ මෙම චන්ද්‍රයාන් 02 චන්ද්‍රිකාව දියත් කිරීමට මිනිත්තු 56 ක් ඉතිරිව තිබියදී කාර්මික දෝෂයක් නිසා නවතා දැමීය.

චන්ද්‍රයාන් -2 නම් මෙම මෙහෙයුම ඩොලර් මිලියන 150ක වටිනාකමකින් යුතු අතර සඳෙහි දකුණු ධ්‍රැවයට ගොඩබසින පළමු යානය මෙය වනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වේ.

එය චන්ද්‍රයාගේ පෘෂ්ඨය කෙරෙහි අවධානය යොමු කරනු ඇති අතර ජලය සහ ඛනිජ වර්ග සහ සඳෙහි භූමිකම්පා ගැන සෙවීම වැනි කාර්යයන් සිදු කරනු ඇත.

එය සාර්ථක වුවහොත්, චන්ද්‍රයාගේ මතුපිටට සාර්ථක ගොඩබෑමක් සිදු කළ සිව්වන රට බවට ඉන්දියාව පත්වනු ඇත. මීට පෙර සඳ මත සාර්ථක ගොඩබෑමක් කර තිබෙන්නේ එක්සත් ජනපදය, චීනය සහ හිටපු සෝවියට් සංගමය පමණි.

-බීබීසී ඇසුරෙනි

Share