සාෆිගේ රැඳවුම් නියෝග අත්හිටුවන්න අනුමැතිය?

Staff Writer | Author . Translate to English or தமிழ் 10. 07. 2019 | 9.46pm
සාෆිගේ රැඳවුම් නියෝග අත්හිටුවන්න අනුමැතිය?

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සාෆි ෂිහබ්ධීන් මහතාගේ රැඳවුම් නියෝග අත්හිටුවීමට ආරක්ෂක අමාත්‍යාංශ අනුමැතිය හිමි වී ඇතැයි විශ්වාසදායී ආරංචිමාර්ග වලින් පැවසේ.

ඒ මහතා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂියක් නැති බව ප්‍රකාශ කරමින් ඔහුගේ රැඳවුම් නියෝග අත්හිටුවන ලෙස රහස් පොලිසිය පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබිණි.

එම රැඳවුම් නියෝග අත්හිටුවීමේ නිවේදනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙට පෙරවරුව වන විට ලැබුණහොත් ⁣වෛද්‍ය සාෆි ෂිහබ්ධීන් හෙට (11) අධිකරණයට ඉදිරිපත් කරන බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් පැවසේ.

වෛද්‍ය ෂිහබ්ධීන් සම්බන්ධ නඩුව හෙට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතව ඇත.

Share