ෆ්ලොරිඩාවේ සාප්පු සංකීර්ණයක පිපිරීමක්

Staff Writer | Author . Translate to English or தமிழ் 07. 07. 2019 | 10.04am
ෆ්ලොරිඩාවේ සාප්පු සංකීර්ණයක පිපිරීමක්

ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහී ප්ලාන්ටේෂන් නගරයේ සාප්පු සංකීර්ණයක විශාල පිපිරීමක් සිදුවී තිබේ. 

පුද්ගලයින් 22 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර නගරයේ රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් කිසිවෙකු අසාධ්‍ය තත්ත්වයේ නොමැති බවත් ප්‍රාදේශීය පොලිසිය පවසයි. 

එම ගොඩනැගිල්ලට සහ වාහන රැසකට මින් අලාභහානි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්ලාන්ටේෂන් නගරයේ ගිනි නිවීමේ බලඇණියේ ප්‍රධානී ජොයෙල් ගෝර්ඩන් පැවසුවේ පිපිරීමට හේතුව පිළිබඳව තවමත් තහවුරු වී නොමැති නමුත් කැඩී බිඳී ගිය ගෑස් රැහැන් සුන්බුන් අතර තිබී ඇති බවයි.

Share