ඉන්දියාව අවසන් පූර්ව වටයට - බංග්ලාදේශය තරගාවලියෙන් ඉවතට

Staff Writer | Author . Translate to English or தமிழ் 02. 07. 2019 | 11.14pm
ඉන්දියාව අවසන් පූර්ව වටයට - බංග්ලාදේශය තරගාවලියෙන් ඉවතට

ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගය ලකුණු 28කින් ජයගැනීමට ඉන්දියාව අද (02) සමත් විය.

ඒ සමග ඉන්දියාව අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලැබීය.මෙම තරගයේ පරාජයත් සමග බංග්ලාදේශයට අවසන් පූර්ව තරග සදහා පිවිසීමට ඇති අවස්ථාවද අහිමිව ගියේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුළු 9ක් දැවී ලකුණු 314ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 48ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 286ක් පමණයි.

තරගාවලියෙන් ඉවතට විසි වූ පස්වැනි කණ්ඩායම බංග්ලාදේශය වන අතර අවසන් පූර්ව වටයට තේරී පත්වූ දෙවැනි කණ්ඩායම ඉන්දියාවයි.

Share