සංචාරය කිරීමට ලොව හොදම රට තවමත් ශ්‍රී ලංකාවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 02. 07. 2019 | 9.53pm
සංචාරය කිරීමට ලොව හොදම රට තවමත් ශ්‍රී ලංකාවයි

2019 වසරේ ලෝකයේ සංචාරය කිරීමට හොදම රට ලෙස තවමත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ පසුවන බව ලෝ ප්‍රකට සංචාරක සරාවක් වන ලෝන්ලි ප්ලැනට් සරාව ප්‍රකාශ කරයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ සංචාරක ඇනවුම් කිරිම් 186%කින් පහත වැටී ඇති නමුත් තම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට තිබූ තැන වෙනස් වී නැතැයි එම සරාව පවසයි.

2019 වසරේ ලෝකයේ සංචාරය කිරීමට හොඳම රටලෙස එම සගරාව විසින් ශ්‍රී ලංකාව නම් කරනු ලැබීය.

පසුගිය සති කිහිපයේදී එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක අනතුරු ඇගවීම් පහත හෙළා ඇති බවද එහි සදහන් වෙයි.

මෙවන් සිදුවීම් නිසා මෙවන් සංචාරක රටක් ගැන ගවේෂණය කිරීමට සහ ඉගෙන ගැනීමට ඇති ආශාව දුරස් කර නොගත යුතු බවද එම සරාව පවසයි.

ලෝන්ලි ප්ලැනට් සරාවේ සම්පූර්ණ ලිපිය කියවන්න

Share