පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් රිමාන්ඩ්

Staff Writer | Author . Translate to English or தமிழ் 02. 07. 2019 | 4.14pm
පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් රිමාන්ඩ්

Update-7.30PM

පොලිස්පති පූජිත ජයසුන්දර රිමාන්ඩ් 

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට(03) දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (02) පූජිත මහතා ප්‍රතිකාර ලබන නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ගොස් කරුණු විමසා බැලීමෙන් පසුව නියෝග කළාය.

Update-7.00PM

ආරක්ෂක ලේකම් රිමාන්ඩ් කෙරෙයි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා  සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හෙට(03) දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (02) නියෝග කළාය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හේමසිරි මහතා නැවතී සිටි කොළඹ ජාතික රෝහලට පැමිණ කරුණු විමසීමෙන් අනතුරුව මෙම නියෝගය කළාය.

Update-4.00PM

පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා  සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව විසින් අද (02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවා සිටින අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි මහතා ඉල්ලා අස් වී සිටි.

ඔවුන් දෙදෙනාටම අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර තිබිණි.

අසනීප තත්ත්වයක් බව පවසමින් පොලිස්පතිවරයා අද පෙරවරුවේ පොලිස් රෝහලට ඇතුළත් කෙරුණු අතර හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලට අද පෙරවරුවේ ඇතුළත් විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කළේය.


Share