ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය බොද වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 30. 06. 2019 | 11.05pm
ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය බොද වෙයි

ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබූ අවසන් අවස්ථාව අද (30) පැවති තරගයෙන් එංගලන්තය ජයගැනීම නිසා අවහිර වී ගියේය‍.

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඇති තරග දෙකම ජයග්‍රහණය කළත් අවසන් පූර්ව වටයට යාමට අවස්ථාවක් නැත.

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති තරගය ජයගැනීමත් සමග එංගලන්තය ප්‍රසාද ලකුණු 10ක් ලබාගෙන තිබේ.ශ්‍රී ලංකාව මේ වන විට තරග 7කදී ලබාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 6ක් පමණි.පැවැත්වීමට නියමිත ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කළත් ශ්‍රී ලංකාවට ලබාගත හැක්කේ ප්‍රසාද ලකුණු 10ක් පමණි.

නමුත් තරග ජයග්‍රහණය කිරීම මත අවසන් පූර්ව වටයට යාමේ අවස්ථාව තීරණය වන නිසා එංගලන්තය එහිදි ද ඉදිරියෙන් සිටී.මීට අමතරව පකිස්තානය සහ බංග්ලාදේශයේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවමත් ගිලිහී නැත.


Share