ඇෆ්ගනිස්තානය අට වැනි තරගයත් පරාජය වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 29. 06. 2019 | 10.25pm
ඇෆ්ගනිස්තානය අට වැනි තරගයත් පරාජය වෙයි

පකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර අද (29) පැවති තරගය කඩුළු 03කින් ජයග්‍රහණය පකිස්තානය සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය කඩුළු 09ක් දැවී ලකුණු 227ක් රැස් කළ අතර.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානය කඩුළු 07ක් දැවී නියමිත ඉලක්කය සපුරාගැනීමට සමත් විය.

ඇෆ්ගනිස්තානය සතුව තිබූ තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට ඉමාඩ් අවසන් පන්දුවාර කිහිපයේදී විශිෂ්ට පිතිකරණයක නිරත වූ අතර මෙම තරගය උණුසුම් තරගයක් බවට අවසන් පන්දුවාර කිහිපයේදී පත්වී තිබිණි.

‍මෙම තරගයේ පරාජය සමග ඇෆ්ගනිස්තානය ලෝක කුසලානයේ සියලුම තරග පරාජය විය.මෙම ජයත් සමග පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉහලට පැමිණ තිබේ.


Share