කුලසේකර සමග එකට සමුගන්න මාලිගෙන් සටනක්

Staff Writer | Author . Translate to English or தமிழ் 28. 06. 2019 | 2.16pm
කුලසේකර සමග එකට සමුගන්න මාලිගෙන් සටනක්

නුවන් කුලසේකර සමග එකට එකම තරගයකදී එක්දින ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තමන්ගේ ලොකු කැමැත්තක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

“ලෝක කුසලානය ක්‍රීඩා කරලා මම හරි ආසයි ලංකාවේ එක තරගයක් ක්‍රීඩා කරලා යන්න.නුවන් කුලසේකරත් මාත් එක්ක අවුරුදු දහයක් ක්‍රීඩා කරා. මම බලාපොරොත්තුවෙන් ඉන්නවා නුවන් කුලසේකරටත් එක තරගයක් ලැබෙයි කියලා සමුගන්න.මොකද ඔහු අයීසීසී නම්බර් වන් හිටපු ලංකාවේ එකම වේග පන්දු යවන්නා.ඒක නිසා මම හරි කැමැත්තෙන් ඉන්නවා ඔහුයි මායි එකම තරගයකදී සමුගන්න.ඉතින් මම ඒකට ගොඩක් උත්සහ කරලා තියෙන්නේ.මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා.එහෙම වුණොත් එළැඹෙන බංග්ලාදේශ හෝ නවසීලන්ත සංචාරයෙන් මගේ ක්‍රිකට් ගමන නවතී.“

බීබීසිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.


Share