සාෆි කොටු කරන්න බොරු ප්‍රකාශත් ලියලා

Staff Writer | Author . Translate to English or தமிழ் 26. 06. 2019 | 7.12pm
සාෆි කොටු කරන්න බොරු ප්‍රකාශත් ලියලා

වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා කුරුණෑගල පොලිසිය ව්‍යාජ කටඋත්තර හතරක් ලියා ඇති බවට තොරතුරු වාර්තා වේ.

සාෆි වෛද්‍යවරයා 24 වැනිදා අත්අඩංගුවට ගැනීමට පෙර සටහන් කළැයි කියන ප්‍රකාශ සත්‍ය වශයෙන්ම සටහන් කර ගෙන ඇත්තේ 26 වැනි දා බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර එම ප්‍රකාශ සටහන් කළ බව පෙන්වීම සඳහා දින යොදා තිබුණද ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ සාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන රහස් පොලිසියට බාර දීමෙන් පසුවය.

එම ප්‍රකාශවල සටහන් දිනවලදී අදාල පුද්ගලයන් ප්‍රදේශයේ සිට නැති බව ද වාර්තා වේ.

වෛද්‍ය සාෆි ශිහබ්දීන් සම්බන්ධයෙන් මෙතෙක් කළ විමර්ශනවල ප්‍රගතිය හෙට (27) අධිකරණයට වාර්තා කිරීමට නියමිත බව පොලිසිය කියයි.

Share