මුස්ලිම් වෙළඳුන්ට පැනවූ තහනමකට වෙන්නප්පුව ප්‍රාදේශිය සභා සභාපති ඇතුළු 6කට සිතාසි

Staff Writer | Author . Translate to English or தமிழ் 25. 06. 2019 | 8.10pm
මුස්ලිම් වෙළඳුන්ට පැනවූ තහනමකට වෙන්නප්පුව ප්‍රාදේශිය සභා සභාපති ඇතුළු 6කට සිතාසි

දංකොටුව සතිපොළේ වෙළඳාම් කටයුතු මුස්ලිම් ප්‍රජාවට තහනම් කිරීමට හේතු විමසීමට ලබන 28 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද (25) වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපති එච් ඒ සුසන්ත පෙරේරා මහතා ඇතුළු හය දෙනකුට සිතාසි නිකුත් කළේය.

මුස්ලිම් වෙළඳුන් දංකොටුව සතිපොළේ වෙළඳාම් කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් ප්‍රාදේශිය  සභාවේ සභාපතිවරයා දංකොටුව පොලිස් ස්ථානාධිපතිට ඊයේ (24) ලිපියක් එවා තිබිණි. 

එම ලිපිය සම්බන්ධයෙන් පොලිසිය අද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.


Share