සාෆි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 25. 06. 2019 | 11.50pm
සාෆි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරයි

නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව කියමින් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති පොලිසියකින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසියට බාර දෙනු ලැබීය.

මේ වන විට වෛද්‍ය සාෆි රහස් පොලිස් භාරයේ පසුවෙයි.

මීළඟ නඩු දිනය වන ලබන සිකුරාදා (27) ඔහු සම්බන්ධයෙන් මෙතෙක් කළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට නියමිත බව පොලිසිය කියයි.

Share