දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් ඉවතට

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 06. 2019 | 11.34pm
දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් ඉවතට
පකිස්තානය සමග අද (23) පැවති තරගය පරාජය වීමත් සමග ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වූ දෙවැනි කණ්ඩායම බවට පත්වන්නට දකුණු අප්‍රිකාවට සිදු විය.
ඔවුන් මුහුණ දුන් තරග 7කින් තරග 5ක් පරාජය වී ඇති අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය.මේ සමග ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3ක්.ඔවුන් මීලගට ඇති තරග දෙකම ජයග්‍රහණය කළත් අවසන් පූර්ව තරගයට යාමට අවස්ථාවක් නොමැත.තරග හයකින් තරග හයම පරාජය වූ ඇෆ්ගනිස්ථානයට ද මේ වන විට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ

දකුණු අප්‍රිකාව සහ පකිස්තානය අතර ඊයේ පැවති තරගය ලකුණු 49කින් දකුණු අප්‍රිකාව පරාජය විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තානය කඩුළු 7ක් දැවී ලකුණු 308ක් වාර්තා කළ අතර පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට කඩුළු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණූ 259ක් පමණි.


Share