ප්‍රබල ඉන්දියාවට කෝඩුකාර ඇෆ්ගනිස්තානයෙන් ප්‍රබල අභියෝගයක්

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 06. 2019 | 11.20pm
ප්‍රබල ඉන්දියාවට කෝඩුකාර ඇෆ්ගනිස්තානයෙන් ප්‍රබල අභියෝගයක්

ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ලෝක කුසලානයේ සියලුම තරග පරාජය වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද (22) සමත් වූ අතර එම තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 224කට සීමා කිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.ඉන්දියාවේ පිතිකරුවන් දැඩි අසීරුතාවට පත් කළ ඇෆ්ගනිස්තානය පන්දු යැවිමෙන් හා පන්දු රැකීමෙන් විශිෂ්ට දස්කම් දැක්වීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ඇෆ්ගනිස්තානය ද ඉන්දියාවට යම් ආකාරයකින් පීඩනයක් එල්ල කළ අතර අවසන් පන්දුවාරය වන තුරු තරගයේ ජය දෙපිලටම දෝලනය විය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඩ් නබී ලකුණු 52ක් වාර්තා ක⁣ළේ තරගයේ වාසිය ඇෆ්ගනිස්තානය වෙත ලබාගනිමිනි.පාන්ඩ්යාගේ පන්දුවක් හමුවේ මොහොමඩ් නබී දැවී යාමත් සමග තරගයේ වාසිය නැවතත් ඉන්දියාව දෙසට දෝලනය විය.

මොහොමඩ් ශාමිගේ විශිෂ්ට අවසන් පන්දුවාරය හේතුවෙන් ඇෆ්ගනිස්තානයට ලකුණු 11ක පරාජයක් අත්විය.එම පන්දුවාරයේදී කඩුළු ත්‍රිත්වයක් ලබාගැනීමට ශාමි සමත් වූ අතර ලකුණු 39ට කඩුළු 2ක් ලබාගත් ජස්ප්‍රිට් බුම්රාට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

මොහොමඩ් ශාමි ලකුණු 40ට කඩුළු 4ක් දවාගැනිමට සමත් විය.ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායක ගුල්බඩින් නයිබ් කඩුළු 2ක්ද  මොහොමඩ් නබී කඩුළු 2ක් ද දවාගත්තේය.

ඉන්දියාව වෙනුවෙන් විරාට් කෝලි ලකුණු 67ක් ද,කේඑම් ජාධව් ලකුණු 52ක් ද වාර්තා කළේය.

අවසානයේ පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ඇෆ්ගනිස්තානයට ලබාගත හැකි වූයේ ලකුණු 213ක් පමණි.

Share