බංග්ලාදේශය පරදා ඕස්ට්‍රේලියාවට ලකුණු 47ක ජයක්

Staff Writer | Author . Translate to English or தமிழ் 21. 06. 2019 | 11.37pm
බංග්ලාදේශය පරදා ඕස්ට්‍රේලියාවට ලකුණු 47ක ජයක්

බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 47කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව අද(20) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව කඩුළු 5ක් දැවී ලකුණු 381ක් රැස් කළේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි බංග්ලාදේශය කඩුළු 06ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 333ක් පමණි.

ඩේවිඩ් වෝනර් පන්දු 147ක් තුළ ලකුණු 166ක් ලබාගත් අතර තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමි විය.උස්මාන් ලකුණු 89ක් ද ආරොන් ෆින්ච් ලකුණු 53ක් ද වාර්තා කළේය.

බංග්ලාදේශය වෙනුවෙන් මුස්ෆිකර් රහීම් පන්දු 97කදී ලකුණු 102ක් ලබාගත් අතර මහමුදුල්ලා ලකුණු 69ක් සහ ටමීම් ඉක්බාල් ලකුණු 62ක් ලබාගත්තේය.

ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටී.



Share