රුහුණ සරසවියේ කොණ්ඩම් බාල්දියේ ඇත්ත කතාව හෙළි වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 19. 06. 2019 | 9.38am
රුහුණ සරසවියේ කොණ්ඩම් බාල්දියේ ඇත්ත කතාව හෙළි වෙයි

රුහුණ විශ්වවිද්‍යාලයේ කොණ්ඩම් බාල්දි තිබුණායැයි පවසමින් පැතිරෙන ඡායාරූප ගූගල් හරහා බාගත කර ව්‍යාජව සකසා පළ කළ ඡායාරූප බව Medialk.com කළ සොයාබැලීමකදී හෙළිවිය.

එම විශ්ව විද්‍යාලයේ කාමරයක තිබී කොණ්ඩම් හමුවූ බවට පුවතක් මැවීම සදහා මෙම ඡායාරූප භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීහු කිහිපදෙනකු කටයුතු කරමින් සිටිති.ෆේස්බුක් පිටු මගින් මෙම කටයුතු වැඩි වශයෙන් සිදු කෙරෙන අතර ඒ සදහා යොදාගෙන තිබෙන ඡායාරූප දෙක ගූගල් හරහා බාගත කරගත් ඡායාරූප වේ.මෙම ඡායාරූප 2015 වර්ෂයට පෙර යම් යම වෙබ් අඩවිවල පළ වූ ඒවා බවට පෙනී යයි.

විදේශ වෙබ් අඩවි හරහා එම ඡායාරූප බාගත කරගෙන එම ඡායාරූප රුහුණ විශ්වවිද්‍යාලය හා සම්බන්ධ කර මෙම ව්‍යාජ පුවත නිර්මාණය කර තිබේ.මෙම සිද්ධීන් ඇතිවීමට හේතුව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයකි.

නමුත් විදේශ වෙබ් අඩවි වල දැක්වෙන පරිදි මෙම ඡායාරූපයේ සත්‍ය පිටපත පළ වී ඇත්තේ කල් ඉකුත් වූ කොණ්ඩම්වලින් ඇදුමක් සකසන ආකාරය දැක්වෙන අවස්ථාවක් පෙන්නුම් කිරීමටයි.


අදාළ ගවුමේ ඡායාරූප-

 


ඉහත ගවුමේ ඡායාරූප සහ කොන්ඩම් ඡායාරූප පළ කර තිබූ වෙබ් අඩවි - nevsedoma.com.ua සහ inhabitat.com

පහත දැක්වෙන වෙබ් අඩවි රැසකම මෙම ඡායාරූපය පළ වී තිබේ.

www.newstracklive.com(දිනය 2015 අප්‍රේල් 15)


tolkr.wordpress.com (දිනය- 2015 ‍දෙසැම්බර් 04)

පහත වෙබ් අඩවිවලද සහ තවත් වෙබ් අඩවි රැසක මෙම ඡායාරූපය පළ කර තිබේ.

http://mitchj.info/new/condoms-after-use.html

http://mitchj.info/new/used-condoms.html

https://thegolfclub.info/75736564/used-condoms.html

http://yousense.info/3536/09522-used-condoms.html

Like us to see More News


ෆේස්බුක් හී පැතිරුණ ම ව්‍යාජ පුවත සහ ඡායාරූප පළ කර ඇති ආකාරය







 

Share