මුස්ලිම් ඇමතිවරුන්ට යළි තනතුරු බාරගන්නැයි ඉල්ලති

Staff Writer | Author . Translate to English or தமிழ் 05. 06. 2019 | 8.34pm
මුස්ලිම් ඇමතිවරුන්ට යළි තනතුරු බාරගන්නැයි ඉල්ලති

යළි තම වගකීම් භාරගෙන පාලන තන්ත්‍රයට එක් වන්නැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය මුස්ලිම් නායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ආණ්ඩුවෙන් මුස්ලිම් අමාත්‍යවරුන් ඉවත්වීම පිළිබඳ සංවේගය පළ කරන බව ද මෙහිදි ප්‍රකාශ විය.

අද (05) පස්වරුවේ අස්ගිරි මහා විහාරීය මහ නායක හිමි නිල ආරාමයේදී පැවැති ත්‍රෛනිකායික නා හිමිවරුන්ගේ විශේෂ හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණි.

චෝදනා ඇති ඇමතිවරයෙකු ,නියෝජ්‍ය ඇමතිවරයෙකු හෝ රාජ්‍ය අැමතිවරයකු සිටීනම් නිර්දෝෂි බව රජයට හෝ ආරක්ෂක අංශවලට පෙන්වා සිටින ලෙසද ඉල්ලීමක් කෙරිණි.

Share